The Law of Diminishing (marginal) Returns vs. Returns to Scale; & reasons for U shape in cost curves.



 Exam එකේදී ගොඩක් දුරට අහයි කියලා හිතන්න පුළුවන් concepts දෙකක් තමයි හීනවන ආන්තික ඵලදා න්‍යාය (law of diminishing marginal returns) සහ පරිමානුකුල ඵල (returns to scale)  කියලා කියන්නේ. අපි  පිරිවැය (Theory of Cost) හා නිෂ්පාදනය (Theory of Production) ගැන ඉගන ගත්තා කස්ටියට මතක ඇති නේ ! අපි කෙටි කාලය , දිගු කාලය ගැනත් ඉගන ගත්තා මතක නේ !
(කෙටි කාලය කියන්නේ fixed & variable factors දෙකම පවතින කාලයට, දිගු කාලයේ තියෙන්නේ variable factors විතරමයි [කාලය තීරණය කරන්නේ වර්ෂ වලින් නෙවෙයි, පවතින factors වර්ග අනුව])


law of diminishing returns  කියන concept එක අදාල වෙන්නේ කෙටි කාලයට, ඇන්ඩ් returns to scale කියන concept එක අදාල වෙන්නේ දිගු කාලයට. මේ conceptස් දෙක නිසා තමයි පිරිවැය වක්‍ර ඉංග්‍රීසි ‌‍‌‍හෝඩියේ U අකුරේ හැඩයට පිහිටන්නේ (සිංහල හෝඩියේ නම් මේකට අකුරක් නෑ මයේ හිතේ... :පී). 
Law of diminishing returns තමයි  කෙටි කාලින සාමාන්‍ය හා  ආන්තික පිරිවැය වක්‍ර (average cost curves & marginal curves [AC/AVC/MC]) වල හැඩය තීරණය කරන්නේ ඒ වගේම returns to scale නිසා තමයි දිගු කාලින සාමාන්‍ය පිරිවැය වක්‍ර ‘පුළුල් U’ (‘broad base’ or ‘saucer shape’) අකුරක හැඩයට පිහිටන්නේ.


Short run එකේදී Fixed & veriable සාදක දෙකම තියන නිසා Fixed factors වලට veriable factors එකතු කරලා තමයි නිෂ්පාදනය වැඩි කරන්නේ... “කෙටි කාලයේදී ස්ථාවර සාදක සමග මිශ්‍ර කරමින් විචල්‍ය යෙදවුම් විතරක් වැඩි කරද්දී විචල්‍ය සදකයේ (variable factor) ආන්තික ඵලදාව (marginal product [MP]) එක්තාරා අවස්ථාවකට පස්සේ පහත වැටීම” තමයි law of diminishing returns කියන්නේ. කෙටියෙන් කිවොත් මේ නිර්වචනයෙන් පැහැදිලි කරලා තියෙන්නේ MP curve එකේ හැසිරීම. MP curve කොහොමද ඉතින් cost curve (MC) එක්ක සම්බන්ද වෙන්නේ කියලා දැන් කස්ටියට හිතෙනවා ඇති :පී :ඩි ... සරලවම කිවොත් production curve වල MIRROR IMAGE ඒක තමයි cost curve වලින් පෙන්නන්නේ... 

උදාහරණයකින් කීවොත්.... , නිෂ්පාදන ආයතනයක තියන යන්ත්‍රයක් (it z the fixed factor) ගැන හිතන්නකෝ... මේ යන්ත්‍රයේ ශ්‍රමිකයන් 100 දෙනෙක්ට වැඩ කරන්න පුළුවන්ලු, මුල් අවස්ථාවේ (1st Stage) අපි බින්දුවෙන් පටන් ගෙන ටික ටික ශ්‍රමිකයන් ගණන වැඩි කරන කොට යන්ත්‍රය උපයෝජනය වන ප්‍රමාණයත් ටික ටික වැඩි වෙනවා නේ ! ( more use is made of fixed factor futher, the tendency of fix factor to IDLE is reduced )  යන්ත්‍රය උපයෝජනය වන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඵලදයිතාවයත්(productivity) වැඩි වෙනවා කියන එකයි. ඒක නිසා මුල් අවස්ථාවේදී(1st Stage) ඵලදා වක්‍ර ඉහල නගිනවා. මන් කලින් කිවා නේ production curve වල MIRROR IMAGE ඒක තමයි cost curve වලින් පෙන්නන්නේ කියලා... ඵලදාව(productivity) වැඩි වෙනවා කියන්නේ පිරිවැය(cost) අඩු වෙනවා කියන ඒක නේ, ඉතින් සාමාන්‍ය/ආන්තික(average/marginal) ඵලදා වක්‍ර ඉහල නගිනකොට සාමාන්‍ය/ආන්තික පිරිවැය වක්‍ර පහලට බැවුම් වෙනවා....






දෙවන අවදියේදී(2nd stage) තව දුරටත් ශ්‍රමිකයන් ගණන වැඩි කරද්දී මුළු ඵලදාව (TP) තව දුරටත් වැඩි වෙනවා හැබැයි වැඩිවන වේගය අඩු වෙනවා , ඒ කියන්නේ ආන්තික ඵලදායිතාව (MP) අඩුවෙන්න පටන් ගන්නවා කියන එකයි. ඵලදායිතාව අඩුවෙනවා කියන්නේ පිරිවැය වැඩි වෙනවා කියන ඒක නේ. එතකොට production curves (MP/AP) පහලට බැවුම් වෙනකොට cost curves (MC/AC) ඉහලට ගමන කරනවා. දෙවන අවදිය අවසානයේ ශ්‍රමිකයින් පුර්ණ වශයෙන් උපයෝජනය වෙනවා ,ඒ කියන්නේ machine එකේ 100 දෙනාම වැඩ. ඒ අවස්ථාවේ TP  එයාගේ උපරිමයටම ගිහින් MP යෙදවුම් අක්ෂය ජේදනය කරලා.




තුන් වන අවදිය ආරම්භයේ දී ශ්‍රමිකයන් 100 දෙනාම උපයෝජනය වෙලා ඉවරයි.තව දුරටත් variable factor වැඩි කලොත් TP අඩු වෙනවා, MP සෘණ වෙනවා(in 3rd Stage). 


“දෙවන අවදියේදී MP හීනවීම/අඩු වීම (diminish) තමයි law of diminishing returns කියලා කියන්නේ”. Average Cost curves වල U හැඩයට හේතුවත් එකමයි.


ඔන්න ඔහොමයිලු කෙටි කාලින පිරිවැය වක්‍ර වල හැඩය තීන්දු උනේ :ඩ්....


දිගු කාලින සාමාන්‍ය පිරිවැය වක්‍රයේ හැඩය තීන්දු වෙච්ච හැටි ඊලග post එකෙන් බලාපොරොත්තු වන්න...
                                                         To be continued...




p.s : ගැටළුවක් හරි නොතේරෙන pot එකක් හරි තියේ නම් වෙනදා වගේම කොමෙන්ටුවක් දාල අත උස්සන්න... :ඩ්

17 යි ප්‍රතිචාර:

  1. Anonymous said...:

    adooo fattai kollo...

  1. සරසවියේ ඇනොනිමස් said...:

    ගයත්‍රී මැඩම්ගේ අපබ්‍රංශ තේරෙන සිංහලෙන් ලිව්වට බොහොම තැන් කූ....
    අනිත් එව්වාත් දිගටම කලියන්න...

  1. Anonymous said...:

    Ela ela kollo.... carry on...

  1. ස්තුතියි මචන් සහයෝගෙට...

  1. තැන්ක්ස් කොල්ලා...

  1. හී හී තැන් කූ තැන් කූ :ඩ්

  1. Unknown said...:

    එල බන්......

  1. Anonymous said...:

    thnks mcaho

  1. ටැං කියූ බන් bazerrr... :D

  1. niyamai macho.... thanks....

  1. Namila said...:

    nice work bro...:) keep it up!

Post a Comment