Returns to Scale ඉන් ද long run

අපි law of diminishing marginal returns ගැන කතා කළා කස්ටියට මතක ඇති නේ ! අද අපි පසුගිය post එකේ ඉතිරි කොටස , ඒ කියන්නේ Returns to Scale ගැන වචන ස්වල්පයක් කතා කරන්නයි ලෑස්තිය ... :ඩ්

Returns to Scale අදාල වෙන්නේ දිගු කාලයට කියලා කස්ටිය දැනටමත් දන්නවා නේ ! දිගු කාලයේදී තියෙන්නේ විචල්‍ය සාදක (variable factors) විතරයි. දිගු කාලයේදී ආයතනයකට තමන් සතු සියලුම සාදක (fixed & variable) වෙනස් කරන්න පුළුවන්. කෙටි කාලය වගේ නෙවෙයි හොදේ :ඩ්.

දිගු කාලින cost curve එක පුළුල් U අකුරක (broad base) හැඩයට පිහිටන්නේ
 Returns to Scale නිසා. Returns to Scale කොටස් 3 යි. 

  • වැඩෙන පරිමනුකුල ඵල (Economies of scale)
  • ස්ථාවර  පරිමනුකුල ඵල (Constant returns to scale)
  • හීනවන  පරිමනුකුල ඵල (Diseconomies of scale)

      

යෙදවුම් වැඩි කරන වේගයට වඩා වැඩි වේගයකින් නිමැවුම වැඩි වෙනවනම් Economies of scale
 (input 10% output 20%). යෙදවුම් වැඩි කරන වේගයට සමාන වේගයකින් නිමැවුම වැඩි වෙනවනම් Constant returns to scale (input 10% output 20%). යෙදවුම් වැඩි කරන වේගයට වඩා අඩු වේගයකින් නිමැවුම වැඩි වෙනවනම් Diseconomies of scale (input 10% output 8%).


දිගු කාලින පිරිවැය වක්‍ර හැදිලා තියෙන්නේ කෙටිකාලින පිරිවැය වක්‍ර වල එකතුවකින්. පින්තුරයේ තියන විදියටම කෙටි කාලින පිරිවැය වක්‍ර වල අවම ලක්ෂයන් ජේදනය වන විදියට තමයි දිගු කාලින පිරිවැය වක්‍ර අදින්නේ. අපේ කස්ටියට කිවම මොකද sinhalen මේ දිගුකාලින පිරිවැය වක්‍රයට කියන්නේ වහන්තරා වක්‍රය කියලලු... :ඩ්

Returns to Scale තීරණය වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ Economies of scale ඇන්ඩ් Diseconomies of scale. 


Reasons for Economies of Scale



  • Division of labor & Specialization ශ්‍රම විභජනය , විශේෂීකරණය
  • නිෂ්පාදන සාදක වල පවතින අභාජ්‍යතව (බෙදිය නොහැකි බව)
  • ඵලදායිතාවය (productivity)
  • එක් වරක් පමණක් දැරිය යුතු වියදම් (රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට් කොස්ට්ස්)
  • අතුරු නිෂ්පාදන (by product)
  • optimum use of plants
  • the right mix of employees
  • appropriate admin cost
  • the hiring of specialists & usage of their expertise in company operations


Reasons for Diseconomies of Scale


  • ශ්‍රමික ආතතිය.(stress)
  • කළමනාකරණය සම්බන්ද ගැටළු
  • සම්බන්ධ්‍කරන ගැටළු.
  • සම්පත් හීනවීම
  • the over usage of plants
  • too high admin cost
  • the over usage of credit facilities which will effect companies capacity to burrow.

P.S : post එක ප්‍රමාද වුනාට sorry වෙන්න ඕන. කොහෙද මේ හෙම්බ් එක්ක මුකුත් කොරන්න බැ නේ... :පී


The Law of Diminishing (marginal) Returns vs. Returns to Scale; & reasons for U shape in cost curves.



 Exam එකේදී ගොඩක් දුරට අහයි කියලා හිතන්න පුළුවන් concepts දෙකක් තමයි හීනවන ආන්තික ඵලදා න්‍යාය (law of diminishing marginal returns) සහ පරිමානුකුල ඵල (returns to scale)  කියලා කියන්නේ. අපි  පිරිවැය (Theory of Cost) හා නිෂ්පාදනය (Theory of Production) ගැන ඉගන ගත්තා කස්ටියට මතක ඇති නේ ! අපි කෙටි කාලය , දිගු කාලය ගැනත් ඉගන ගත්තා මතක නේ !
(කෙටි කාලය කියන්නේ fixed & variable factors දෙකම පවතින කාලයට, දිගු කාලයේ තියෙන්නේ variable factors විතරමයි [කාලය තීරණය කරන්නේ වර්ෂ වලින් නෙවෙයි, පවතින factors වර්ග අනුව])


law of diminishing returns  කියන concept එක අදාල වෙන්නේ කෙටි කාලයට, ඇන්ඩ් returns to scale කියන concept එක අදාල වෙන්නේ දිගු කාලයට. මේ conceptස් දෙක නිසා තමයි පිරිවැය වක්‍ර ඉංග්‍රීසි ‌‍‌‍හෝඩියේ U අකුරේ හැඩයට පිහිටන්නේ (සිංහල හෝඩියේ නම් මේකට අකුරක් නෑ මයේ හිතේ... :පී). 
Law of diminishing returns තමයි  කෙටි කාලින සාමාන්‍ය හා  ආන්තික පිරිවැය වක්‍ර (average cost curves & marginal curves [AC/AVC/MC]) වල හැඩය තීරණය කරන්නේ ඒ වගේම returns to scale නිසා තමයි දිගු කාලින සාමාන්‍ය පිරිවැය වක්‍ර ‘පුළුල් U’ (‘broad base’ or ‘saucer shape’) අකුරක හැඩයට පිහිටන්නේ.


Short run එකේදී Fixed & veriable සාදක දෙකම තියන නිසා Fixed factors වලට veriable factors එකතු කරලා තමයි නිෂ්පාදනය වැඩි කරන්නේ... “කෙටි කාලයේදී ස්ථාවර සාදක සමග මිශ්‍ර කරමින් විචල්‍ය යෙදවුම් විතරක් වැඩි කරද්දී විචල්‍ය සදකයේ (variable factor) ආන්තික ඵලදාව (marginal product [MP]) එක්තාරා අවස්ථාවකට පස්සේ පහත වැටීම” තමයි law of diminishing returns කියන්නේ. කෙටියෙන් කිවොත් මේ නිර්වචනයෙන් පැහැදිලි කරලා තියෙන්නේ MP curve එකේ හැසිරීම. MP curve කොහොමද ඉතින් cost curve (MC) එක්ක සම්බන්ද වෙන්නේ කියලා දැන් කස්ටියට හිතෙනවා ඇති :පී :ඩි ... සරලවම කිවොත් production curve වල MIRROR IMAGE ඒක තමයි cost curve වලින් පෙන්නන්නේ... 

උදාහරණයකින් කීවොත්.... , නිෂ්පාදන ආයතනයක තියන යන්ත්‍රයක් (it z the fixed factor) ගැන හිතන්නකෝ... මේ යන්ත්‍රයේ ශ්‍රමිකයන් 100 දෙනෙක්ට වැඩ කරන්න පුළුවන්ලු, මුල් අවස්ථාවේ (1st Stage) අපි බින්දුවෙන් පටන් ගෙන ටික ටික ශ්‍රමිකයන් ගණන වැඩි කරන කොට යන්ත්‍රය උපයෝජනය වන ප්‍රමාණයත් ටික ටික වැඩි වෙනවා නේ ! ( more use is made of fixed factor futher, the tendency of fix factor to IDLE is reduced )  යන්ත්‍රය උපයෝජනය වන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඵලදයිතාවයත්(productivity) වැඩි වෙනවා කියන එකයි. ඒක නිසා මුල් අවස්ථාවේදී(1st Stage) ඵලදා වක්‍ර ඉහල නගිනවා. මන් කලින් කිවා නේ production curve වල MIRROR IMAGE ඒක තමයි cost curve වලින් පෙන්නන්නේ කියලා... ඵලදාව(productivity) වැඩි වෙනවා කියන්නේ පිරිවැය(cost) අඩු වෙනවා කියන ඒක නේ, ඉතින් සාමාන්‍ය/ආන්තික(average/marginal) ඵලදා වක්‍ර ඉහල නගිනකොට සාමාන්‍ය/ආන්තික පිරිවැය වක්‍ර පහලට බැවුම් වෙනවා....






දෙවන අවදියේදී(2nd stage) තව දුරටත් ශ්‍රමිකයන් ගණන වැඩි කරද්දී මුළු ඵලදාව (TP) තව දුරටත් වැඩි වෙනවා හැබැයි වැඩිවන වේගය අඩු වෙනවා , ඒ කියන්නේ ආන්තික ඵලදායිතාව (MP) අඩුවෙන්න පටන් ගන්නවා කියන එකයි. ඵලදායිතාව අඩුවෙනවා කියන්නේ පිරිවැය වැඩි වෙනවා කියන ඒක නේ. එතකොට production curves (MP/AP) පහලට බැවුම් වෙනකොට cost curves (MC/AC) ඉහලට ගමන කරනවා. දෙවන අවදිය අවසානයේ ශ්‍රමිකයින් පුර්ණ වශයෙන් උපයෝජනය වෙනවා ,ඒ කියන්නේ machine එකේ 100 දෙනාම වැඩ. ඒ අවස්ථාවේ TP  එයාගේ උපරිමයටම ගිහින් MP යෙදවුම් අක්ෂය ජේදනය කරලා.




තුන් වන අවදිය ආරම්භයේ දී ශ්‍රමිකයන් 100 දෙනාම උපයෝජනය වෙලා ඉවරයි.තව දුරටත් variable factor වැඩි කලොත් TP අඩු වෙනවා, MP සෘණ වෙනවා(in 3rd Stage). 


“දෙවන අවදියේදී MP හීනවීම/අඩු වීම (diminish) තමයි law of diminishing returns කියලා කියන්නේ”. Average Cost curves වල U හැඩයට හේතුවත් එකමයි.


ඔන්න ඔහොමයිලු කෙටි කාලින පිරිවැය වක්‍ර වල හැඩය තීන්දු උනේ :ඩ්....


දිගු කාලින සාමාන්‍ය පිරිවැය වක්‍රයේ හැඩය තීන්දු වෙච්ච හැටි ඊලග post එකෙන් බලාපොරොත්තු වන්න...
                                                         To be continued...




p.s : ගැටළුවක් හරි නොතේරෙන pot එකක් හරි තියේ නම් වෙනදා වගේම කොමෙන්ටුවක් දාල අත උස්සන්න... :ඩ්

There Ain't no such thing as a free lunch...! ! !